Wednesday, February 21, 2024

ඇමෙරිකානු සහ යුරෝපීය සමාගම් වල කොටස් වලින් නිපදවූ උතුරු කොරියානු බැලස්ටික් මිසයිල

 


උතුරු කොරියාවේ අනාවරණය නොකළ ස්ථානයකදී Hwasong-17 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) අත්හදා බැලීම (2022.03 24)
Korean Central News Agency/Korea News Service via AP, File


පසුගිය මාසයේ යුක්රේනයට එරෙහිව රුසියාව විසින් වෙඩි තැබූ උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සමාගම්වලට අයත් බොහෝ කොටස් අඩංගු බව සීඑන්එන් ආයතනය පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින්  අනාවරණය කළා.

බ්‍රිතාන්‍යය පදනම් කරගත් සංවිධානයක් වන Conflict Armament Research (CAR), යුක්රේනයේ Kharkiv වෙතින් ලබා ගත් උතුරු කොරියානු මිසයිලයක අවශේෂ  වලින් සංරචක 290 ක් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කළ අතර, සංරචක වලින් සියයට 75 ක් නිර්මාණය කර අලෙවි කර ඇත්තේ සංස්ථාපිත සමාගම් විසින් බව සොයා ගන්නා ලදී. 

මිසයිලයේ කොටස්වලින් සියයට 16ක් යුරෝපයේ සංස්ථාපිත සමාගම්වලට සහ සියයට 9ක් ආසියාවේ සංස්ථාපිත සමාගම්වලට සම්බන්ධ බව CAR වාර්තාව පෙන්වා දෙයි.  එම සංරචක මූලික වශයෙන් මිසයිලයේ සංචාලන පද්ධතියෙන් සොයාගෙන ඇති අතර එක්සත් ජනපදය, චීනය, ජර්මනිය, ජපානය, නෙදර්ලන්තය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය සහ තායිවානය යන රටවල මූලස්ථානය ඇති සමාගම් 26ක් වෙත එම කොටස් අයිති වන බව  CNN පවසයි.

CAR ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ප්‍රවෘත්ති නාලිකාව පැවසුවේ සමාගම් හිතාමතාම උතුරු කොරියාවට කොටස් නැව්ගත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බැවින් වාර්තාවේ නිශ්චිත සමාගම් නම් කර නොමැති බවයි.

"සමාගම් විසින් විවිධ ජාත්‍යන්තර බෙදාහරින්නන් වෙත ඒවා විකුණා දැමීමෙන් පසු සංරචක විශාල ගෝලීය සැපයුම් දාමයේ කොතැනක හෝ හරවා යැවිය හැකිය" යනුවෙන් CNN පවසයි.

ඇමෙරිකාවේ  ධවල මන්දිරයේ වාර්තා අනුව , උතුරු කොරියාව  රුසියාවට බැලස්ටික් මිසයිල දුසිම් කිහිපයක් සැපයූ අතර, ඒවායින් සමහරක් අවම වශයෙන් දෙසැම්බර් 30, ජනවාරි 2 සහ ජනවාරි 6 යන දිනවල යුක්රේනයේ ඉලක්ක වෙත පහර දීමට භාවිතා කරන ලදී.

ඔක්තෝම්බර් මාසයේදී ධවල මන්දිරය කියා සිටියේ උතුරු කොරියාව රුසියාවට මිලිටරි උපකරණ සහ යුධෝපකරණ බහාලුම් 1,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දුන් බවයි.

Monday, January 15, 2024

අවලෝකිතේශ්වර

PC:https://www.thisaraarts.com/2_0_artistic_statues.php
 

නැමද පා බැතින් 
ගියෙද කිතු ගොසින් 
අයෙක් වෙද යලිත් 
පැනෙනා ලෙසට බෝ සතුන් 

දනිනා වැටුණු කහ වතත් 
වමාන දම් කඳක් යෙහෙන් 
විසුවත් සිරිලකේ දිනක් 
අහවර වීය  දඟ ගෙයින් 

විරාජ සීල යතිවරුන් 
කවදා දුටිද ධී බෙලෙන් 
කිඳෙනා  පුලින සේ පැනින්
නිවාත වේය අන් නෙතින්