Tuesday, December 26, 2017

දෙසැම්බර් 24




2017 දෙසැම්බර් 24 හවස ජේජු දුපතේ සොගිපෝ නගරයේ මුහුද අද්දර


සීතල කොච්චරක් ද කිවුවොත් ඇහේ අගට එන කඳුළු ටිකත් ඉක්මනින්ම මිදෙනවා.....පැසිෆික් මුහුදේ හුළඟත් එක්ක ඒ සීතල එකතු වෙලා මූණට වදිද්දී  කන් දෙකට පහලින් අමුතු වේදනාවක් දැනෙනවා.......අතේ ඇඟිලි නෑ වගේ.....හිරිවැටිලා....අහසේ තැනින් තැන  කළු වළා තිබුනත් ඉර විටින් විට එහෙන් මෙහෙන් එබිකම් කරනවා.......බැහැගෙන යන හින්දද කොහෙද ඒ එළිය තැවරිලා .....වටේටම පීච් පාට වෙලා ......ඇඟිලි හිරිවැටුනත්  ...සාක්කුවෙන් ෆෝන් එක අරන් පින්තූරයක් ගත්තා .....කහපාට එළියේ.......පහන්කණුව  යට තිබ්බ දුඹුරුපාට ලී බංකුව .....පිටිපස්සෙන් කහපාටින් වේලිච්ච බක්වීට් පඳුරු ටිකකුත් තිබ්බා....පහන් කනුවෙම එල්ලලා තියෙන ස්පීකරෙන් සිහින් හඬින් සංගීත රාවයක් ඇහුණා .......අද දෙසැම්බර් 24 වෙනිදා නේද කියලා මට එවෙලේ මතක් වුණා ......රෑ 12 හට නත්තල් දේව මෙහෙය......පවුලේ ඔක්කොම එකතුවෙන සුන්දර දවසක්......හිතේ සතුටට බිමට ගාපු පොලිෂ් සුවඳයි....බිත්ති වල තීන්ත සුවඳත් එකතු වුනාම .....හ්ම්ම්....ඒක ඉතින් කොහොමද වචන වලින් කියන්නේ.......අලුත් ඇඳුම් වල සුවඳත් ඕකට එකතුවෙන්න ඕනේ ......හිතන කොටත් දැන් මං ඉන්නේ නෑදෑයෝ පිරිච්ච ගෙදර වගේ........එකපාරට ඇවිත් මූණේ  වැදිච්ච අයිස් කැටෙකින් ආපහු ජේජූ දූපතට ආවා.....මිනිසා සමාජීය සත්වයෙකි.......යන්ඩ ඕනේ තනියෙන් හරි පල්ලි අද රෑට .......කොරියන් භාෂාව තේරුනේ නැතත්.....දෙයියන්ට වගේ අපිටත් තේරුනානම් ඕන භාසාවක්......නැත්තන් හිතපු පමාවට ඕන තැනකට යන්න ක්‍රමයක්......

3 comments:

  1. මචං උබට ගෙදර මතක් වෙලා වගේ. මටත් මුලින්ම විදේශ ගත උන වෙලේ හෝම් සික් ගහපු අය හම්බවෙලා තියෙනව. ඒ වගේම නත්තලට උපන්දින වලට ජිවිතේ විශේෂ අවස්තාවලදි ළඟ ඉන්න මිනිස්සු නැති අඩුපාඩුවෙන් දුක්වෙන මිනිස්සු ගොඩක් දැකල තියෙනව. මම උසස් පෙලට උසස් පෙළ මැදදි වෙන ඉස්කොලේකකට යන්න පිටත් වෙනකොට මට වයස 17 හරි 18 වගේ. එදා ඉඳල අද වෙනකං කොළඹ ජොබ් කරන්න, රට රටවල් දෙක තුනක වැඩ කරන්න පිට වුන මම දැන් ජීවිතෙන් අඩකටත් වැඩිය පවුල් ඇසුරෙන් පිට. සඹදකම් කියන්නෙ හරියට මට කවදාවත් තිබ්බෙ නැති දෙයක් වගේ.

    ReplyDelete
    Replies
    1. හහ් හා.....ටිකක් විතර බන්.........ලංකාවේ ඉද්දිත් ඒ ලෙවල් කරට පස්සේ අවුරුදු 7ක් විතරම හිටියේ මාතරනේ .....දැනුත් ගෙදරට කෝල් කලාම අම්මා කියන්නේ මාතර ඉන්නවා වගේ කියලා.........දැන් මේ අවුරුදු දෙකක් එකදිගට ඇද්ද හින්දා....ගෙවල් පැත්තේ යන්න හිතිලා තියෙන්නේ........එක අතකට සම්බන්දතා අඩු වෙන තරමට ජීවත්වෙන්න ලේසියි.......හිතට බරකුත් නෑනේ .....

      Delete
  2. ඔතෙන්ට ගියා කාලෙකට කලින්. Cheonjiyeon දියඇල්ල බලල ඔතෙන්ට යනකොට හැන්දෑ වෙලා. සින්දු එහෙම දාල තිබුන හැන්දෑවේ. ඔය පේන වැට අයිනෙන් පැනල ඔය පේන ගල් පරුවතේ කෙළවරටම ගිහින් අර ගල් 3 දිහා බලාගෙන හිටිය ඉර බහිනකම්.

    ඔය හරියේ මිනිස්සු නම් ඩවුන් ටවුන් එකට වැඩිය හොදයි වගේ. මාළු අල්ලන්නත් කතා කරා මට.

    සොගිපෝ ආයේ වතාවක් යන්න හිතාගෙන ඉන්න තැනක්. ජේජු වල ඇවිදින්න නෙවෙයි. සොගිපෝ වලට වෙලා ටිකක් සැනසිල්ලේ ඉන්න. සොගිපෝ ලස්සනයි. ඒ වගේම ජේජු ඇතුලේ වියදම ලංකාවේ නිවාඩුවක ඉන්න ගානටත් වැඩිය ටිකක් අඩුයි වගේ.

    ReplyDelete