ආතක් පාතක් නැතුව මේ ලියන ලිවිල්ල ඕගොල්ලොන්ට කොහොම තේරෙයිද දන්නේ නෑ .....ඒ උනත් මේව ලියන්න ඕනේ කියල හිතුනේ මේ ඔක්කොම මතකතියාගෙන ඉද්දි ටික කාලෙකින් අමතක වෙන හින්දා. අනික මං හැමවෙලේම කැමතියි එදිනෙදා ලබන අත්දැකීම් මගේ යාළුවොත් එක්ක බෙදාගන්න තියනවනම්. කොරියාවට ආවට පස්සේ ඒ ගතිය ගොඩක් වැඩිවුණා. මොකද තනියම ඉද්දි ඒ අවශ්‍යතාවය වැඩිපුර දැනෙන හින්දා.
අපිට ඉතින් ඩයරි ලියල පුරුද්දක් නැනේ...මේ වැඩේ ටිකක් හරි ලේසි වෙන්නේ ෆෝන් එකේ මැසේජ් කොටනවා වගේ ආදාන මෙවලම් එකෙන් කොම්පියුටර් එකේ ටයිප් කරන් යන්න පුළුවන් හින්ද කියලත් මතක්කරන්න ඕනේ....නැත්තම් ඉතින් මොන සිංහල ටයිපින්ද...මේ බ්ලොග් එක නම් ගොඩක් පරණයි. 2014 දී තමා හැදුවේ. එත් පාවිච්චීකරේ නෑ. මේ වැඩේටම පොඩ්ඩක් සුද්ද බුද්ද කරලා ගත්තේ. තව දෙයක් කියන්න ඕනේ ...මං මේ විස්තර ලියන්න පාවිච්චිකරන්නේ නිදහස් භාෂාවක්...අවශ්‍යතාවය තියෙන්නේ හිතේ තියන දේ කියන්න විතරයි...එකත් කියවන කෙනාට දැනෙන විදිහට ....
මෙහෙට ඇවිල්ල දැන් අවුරුද්දක් වෙනවා...අහ් ඔව්.. අද පෙබරවාරි 28 නේ ...හරියටම 2016 යේ පෙබරවාරි 28 වෙනිදා මං ආවේ...අවුරුද්දක ඒවා ලියන්න තියනවා...හිතට එන එක ලියන්න තමා වෙන්නේ..කියවන කවුරුහරි ඉන්නවනම් ඒකට සමාවෙන්න.....මොකද කිසිදෙයක් පිළිවෙලකට ලියවෙන්නේ නැතිහින්ද ....
මුලින්ම ලියන්න හිතුනේ මමයි මගේ කැම්පස් එකේ යාලුවෙකුයි එකතුවෙලා සෝල් වල අවිදින්න දාගත්තු ට්‍රිප් එකේ එක තැනක් ගැන....අපි දෙන්නම කොරියාවට ආවේ උසස් අධ්‍යාපන කටයුතුවලට. එත් අපි දෙන්න ඉන්නේ තැන් දෙකක. මම ජේජු දුපතේ. ඒ කියන්නේ කොරියානු අර්ධද්වීපයේ දකුණු කෙළවර. යාළුවා ඉන්නේ වයඹදිග වෙරළ තීරයට ආසන්න ඉන්චේයෝන් වල. ඉතින් මං සෝල් එනවනම් ඒක පැයක ගුවන් ගමනක්. යාළුවට නම් දුම්රියෙන් පැයක ගමනක්. සෝල් කියන්නේ දකුණු කොරියාවේ අගනුවර. සෝල් වල ඇවිදින කාට උනත් හිතාගන්න පුළුවන් ඒක කොච්චර සැලසුම් සහගතව හදපු නගරයක්ද කියලා. පොළොව යටට තට්ටු ගණන් විහිදෙන උමං දුම්රිය මාර්ග ඒකට හොදම උදාහරණයක්...ඒවගෙ විස්තර මං පස්සේ වෙලාවක කියන්නම්.
දැන් කියන්න හදන්නේ නොර්යන්ජින් මාළු මාර්කට් එක ගැන. මේක පිහිටලා තියෙන්නේ සෝල් වල දකුණු ප්‍රදේශයට වෙන්න. උමං දුම්රියේ එනව නම් සෝල් ස්ටේෂන් එකේ ඉඳන් විනාඩි දහයකින් විතර මෙතෙන්ට එන්න පුළුවන්. ඒ එන අතර සෝල් සිටි එක හරහා විශාල වානේ ආරුක්කු පාලම් යටින් ගලා බහින හන් ගඟත් බලාගන්න පුළුවන්. අපි දෙන්න උදේටත් කාල තව කෝපිත් බීල තමා එන්න පිටත් වුනේ. වෙලාව දහයට විතර වෙන්න ඇති. ටිකක් අව්ව පායලා තිබුනත් ශීත ඍතුවේ මැද හින්ද සීතලයි. මාර්කට් එක ලඟම නොර්යන්ජින් ස්ටේෂන් එක තියන හින්ද ගොඩක් ලේසියි. ස්ටේෂන් එකේ ඉදන් මීටර් 70 ක් විතර පැත්තකින් මාර්කට් එක තියෙන්නෙ. දැන් ඉතින් ඕගොල්ලෝ හිතනව ඇති මොකද්ද මේකේ තියන විශේෂත්වය කියලා. ලංකාවෙත් ඕනෑතරම් මාළු මාර්කට් තියන එකේ.

![]() |
ගූගල් සර්ච් හි නොර්යන්ජින් මාළු මාර්කට් එක |
![]() |
හන් ගඟට යාබදව එහි පිහිටීම |
විශේෂත්වය තමයි, අපෘෂ්ඨ වංශී සහ පෘෂ්ඨ වංශී පණ තියෙන කරදිය සත්තු බලාගන්න පුළුවන් එක... ඒ විතරක් නෙවේ...උන්ව මිලට ගන්නත් පුළුවන් සැහෙන ලාබෙට ...මොකටද කියල අහුවොත් ඉතින් ....කෑමට තමා. සමහර විට මේක කියවන කෙනෙක්ට මේ දේ එච්චර දැනුනේ නැති උනත් සමුද්‍ර ජීව විද්‍යාව හදාරපු කෙනෙක් විදිහට මට නම් එතන සජීවී විද්‍යාගාරයක් වගේ. මගේ යාලුවටත් පිස්සු හැදිලා හිටියේ. ඉස්සර කැම්පස් එක ඉස්සරහ මුහුදු වෙරළට ගිහින් සත්තු හොයපු අපිට මේක දැක්කම පිස්සු හැදෙන එක අහන්න දෙයක් නෑ. මුහුදු කූඩෑල්ලන්, මෘතෝපජීවී පණුවන්, ඉකිරින්,ඉස්සන් වර්ග, බෙල්ලෝ වර්ග, බූවල්ලන්, කුඩා සහ යෝධ කකුළුවන්, විවිධ මසුන්, සහ වියළා සකස්කළ කරෝල වර්ගත් එතන තියනවා. ලංකාවේ අපි මාලුවෙක්, ඉස්සෙක් කාල නිකන් හිටියට මෙහෙ අය විවිධාකාර මුහුදු ආහාර කෑමට ගන්නවා. සත්තු වගේම ශාක වර්ගත්....විශේෂයෙන්ම මුහුදු ඇල්ගී වර්ග. කොරියානුවන්ගේ අවුරුදු අසූවක අනූවක උපරිම ආයු කාලයට ඒවත් බලපානවා ඇති.
මේ මාර්කට් එක පටන් අරන් තියෙන්නේ 1927 අවුරුද්දේ. ඒ කියන්නේ අවුරුදු අනූවක් පැරණියි. මුළු දකුණු කොරියාවේම තියන විශාලම මාළු මාර්කට් වලින් එකක්. තව ලොකු එකක් තියෙනවා බුසාන් නගරයේ. මෙහි මුලික අරමුණ තොග සහ සිල්ලරට ධීවර නිෂ්පාදන විකිණීම සහ සංචාරක, සංස්කෘතිකමය වටිනාකමක් නගරයට එක් කිරීම කියන කාරණා. අනික් වැදගත් කාරණාව තමා දිනකට ටොන් 250 -300 ත් අතර ධීවර නිෂ්පාදන මෙහිදී අලෙවි වන බව. පාන්දර එකට විතර තමයි මේගොල්ලෝ වැඩ පටන්ගන්නේ...සිල්ලරට ගන්න යනවනම් හොදම වෙලාව උදේ. අර කිවුවා වගේ සෝල් එන සංචාරකයින්ගෙන් බොහෝ දෙනෙක් මෙතෙන්ට එන්න අමතක කරන්නේ නෑ.
![]() | |
ඉහල සිට මාර්කට් එකේ එක් තීරුවක් පෙනෙන අයුරු |

සජීවී මුහුදු බෙල්ලන් |
![]() |
Sea skirts/ tunicates |
ජපානේ එහෙම ගොඩක් ප්‍රසිද්ධ සුෂී ගැන ඕගොල්ලෝ දන්නවා ඇතිනේ. ඒ කියන්නේ නැවුම් අමු මාළු. ඒවා කන්න ආසනම් මෙතන කියාපු තැන. ලංකාවේ අයට නම් එක එච්චර හුරු දෙයක් නෙවේ. මොකද අපි මාළු කන්නේ තුනපහ රසටනේ. එත් මෙහෙ අය කැමති මාළුවාගේ නියම රස බලන්න. පෞද්ගලිකව මම සුෂී වලට එච්චර කැමති නෑ. එත් සැමන් මාළු වලින් හදපු සුෂී සහ සශිමි කන්න නම් ආසයි. සැමන් කිවුවේ ටින් කරපුව නෙවේ. ඇත්ත සැමන් මාළු. උන්ගේ මස් තැඹිලි පාටයි. ඔමේගා -3 තියන හින්ද ගොඩක් ගුණයි කියල තමයි කියන්නේ.
![]() |
සැමන් සුෂී |
![]() |
යෝධ කකුළුවෝ |
මිටි මේස තිබුණ හැමතනම. ගොඩක් ඒවාගේ කට්ටිය ඉඳගෙන තලු මරමරා කනවා. හිස් වෙච්ච මේසයක් බලලා අපි දෙන්නත් ඒක වටේ බිම වාඩි වුණා. එතන හොදයි. ජනේලයක් ගාව. ගොඩනැගිලි අතරින් සෝල් වල උසින් වැඩිම ගොඩනැගිල්ලක් වන ගෝල්ඩන් ටවර් එකත් පේනවා. එකට එහෙම කියන්නේ ඉර එලිය වැටුනම ඒක රත්තරන් පාටින් ආලෝකය පරාවර්තනය කරන විදිහට හදල තියන හින්ද. අපේ අනිත් පැත්තේ මේසෙ කොරියාවේ නොවන ගැහැණු දෙන්නෙක් මහා තඩි කකුළුවෙක් කමින් ඉන්නව. ඒ එක කකුළුවෙක් දෙන්නෙක්ට කන්න වැඩිත් එක්ක. වෙලාවකට ඒ දෙන්න කකුළු අඬු අස්සේ තියන මස් සුරුස් ගාලා අදිනවා. කොරියාවට ආපු මුල් දවස්වලනම් මිනිස්සු කනවිට ආපු මේ අසාමාන්‍ය සද්ද අමුතු දෙයක් උනත් දැන් ඒවා එච්චර ගානක් නෑ. එත් අපිට නම් එහෙම කන්න හිතෙන්නේ නෑ. මේ වෙලේ මට මතක් වෙනව මගේ කාමරයේ ඉන්න යාළුවව. එය කොරියන් කෙනෙක්. අපි දෙන්න හොස්ටල් එකේ එකට කද්දී මං සද්ද නැතුව කන හින්ද එයත් එහෙම කන්න උත්සාහ කරනවා. මං දන්නවා ඒක එයාලට කොච්චර අමාරු දෙයක්ද කියලා. කොටින්ම කියුවොත් නූඩ්ල්ස් රැල්ලක් සුරුස් ගාල ඇද්දේ නැත්තම් කෑවේ නෑ වගේ තමා.
ඒ අතරේ වැඩකරන කෙනෙක් ඇවිත් අපේ මේසෙට ඉටි රෙද්දක් දාල එක උඩින් කූල් වතුර, කෝප්ප, තසිම් එහෙම තියලා ගියා. ඊලගට අපේ බූවල්ලෝ ඇතිළිය ගෙනාව. පොඩි ගෑස් ලිපක් මෙසේ උඩ තියලා එකෙන් ඇතිළිය තිබ්බා. ගෑස් එක ඔන් කළා. ඔන්න දැන් යාළුවා අහක බලාගෙන. මොකද බූවල්ලොන්ගේ අඬු දඟලනවා. බූවල්ලන්ට අමතරව ඒකට ලොකු මාළු ඔලුවකුත් දාලා. ටික ටික ඇතිළිය රත්වෙන්න ගත්තා. බූවල්ලන්ගේ දැඟලිල්ලත් නැවතුණා. එකෙන් අපු සුවඳට බඩගින්න තවත් වැඩි වුණා. ඒ අතරේ සයිඩ් ඩිෂ් විදිහට කිම්චි, අමු මිරිස්, සලාද කොළ, සුදුළුනු, වසබි සහ සෝයා සෝස් ගෙනත් තිබ්බ. ටික වෙලාවකින් බාර්බකියු කරපු රන් තැඹිලි පාට වෙච්ච ඉස්සෝ දීසියත් ආවා. වසබි කිවුවේ අර කලින් කිවුව සුෂී කන්න පාවිච්චි කරන කොලපාට ටිකක් සැර සෝස් එකක්. කිම්චි කියන්නේ ගෝව රාබු වගේ ඒවාට විනාකිරි මිරිස් දාල හදන අච්චාරු වගේ කෑමක්. කිම්චි ගැන වෙනම මං පස්සේ කියන්නම්කො. අපේ බූවල්ලෝ ඇතිළිය බුබුළු දදා රත්වෙනවා. එහාපැත්තෙ මේසේ දෙන්න කිවුවා දැන් ඉදුනා ඇති කන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ චීනෙ දෙන්නෙක්. අපිට බත් ඔර්ඩර් කරන්න කියලත් කිවුව. බතුත් අරන් අපි කන්න පටන් ගත්තා. සුප් එක පදමට ඇවිත්. බත් එක්ක කද්දී ගොඩක් රසයි. සලාද කොලයක් උඩින් ඉස්සෙක් තියල එකට සෝස් ටිකක් දාල ඕනේ නම් සුදුළුනුයි බත් ටිකකුයි තියල ගුලිකරලා කටේ ඔබාගන්න ඕනේ. එහෙම කද්දී මාර රහයි. ඒ වගේ කද්දී මට හිතෙනවා, ඉස්සර අපි ටීවී එකේ ජපන් කොරියන් මිනිස්සු එහෙම කනවා දකිද්දී , අපිටත් කවද හරි එහෙම කන්න වෙයි කියල හීනේකින්වත් හිතුනේ නැති බව.
![]() |
බූවල්ලන් සහිත සුප් ඇතිළිය |
![]() |
ඉස්සන් සහ සයිඩ් ඩිෂ් |
චීනෙ දෙන්න කාලා ඉවරවෙලා යන්න ලෑස්ති වුණා. අපි ඉතින් කෑවේ බොහොම හෙමින්. අරදෙන්නා නැගිට්ටා විතරයි තව දෙන්නෙක් එතන ඉඳගත්ත. දවල් දොළහට විතර හින්ද සෙනග වැඩි වුණා. අලුතෙන් ආපු දෙන්න කපල් එකක්. ඒගොල්ලෝ එද්දීම සුෂී දීසියක් ගෙනත් තිබුණ. රෙස්ටුරන්ට් එකෙන් ඒගොල්ලෝ සෝජු ඔර්ඩර් කරා. සෝජු කියන්නේ මෙහෙ ජනප්‍රියම අරක්කු වර්ගය. ඇල්කොහොල් ප්‍රතිශතය 21% යි. අපි ඉතින් ඒ දෙන්නා දිහා එහෙන් මෙහෙන් බලන් හිටියා. දෙන්නා චියර්ස් කියල වැඩේ පටන්ගත්තා. කෙල්ලත් බොනවා කොල්ලට දෙවෙනි නොවෙන්න. ඒ අතරේ සුෂී කනවා. ඔය අතරේ අපි දෙන්න කතා වුණා ඊළඟපාර යෝධ කකුළුවෙක් අරන් කන්නයි සෝජු බොන්නයි. ඒ අතරේ අපේ රටවල් වල සංස්කෘති ගැනත් ඉතින් කතා වුණා. මොකද අර වගේ කෙල්ලෙක් අරක්කු බොනවා දැක්කොත් නැන්දම්මගෙන් අහගන්න වෙන ඒවා ගැන. කොහොම වුනත් මේක තමා සංස්කෘතික විවධත්වය. ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. එත් ඒ මිනිස්සු තමන්ට ගැලපෙන විදිහට ජීවන පැවැත්ම හැඩගස්වාගෙන ඉන්න බව පේනවා. කෑම කාලා ඉවරවෙච්ච අපි දෙන්නත් රෙස්ටුරන්ට් එකේ ගාස්තුව ගෙවලා ආපහු එන්න පිටත් වුණා.
තවත් අත්දැකීමකින් ඊලඟ පාර හමුවෙමු. කියවපු අය පොඩි කොමෙන්ටුවක් එහෙම දැම්මට කමක් නෑ. ඒක ගොඩක් වටිනවා ඊළඟට ලියනදේ හොඳට ලියන්න.
************© සියළුම හිමිකම් ඇවිරිණි.************
Excellent...
ReplyDeleteThank you
DeleteMouth watering.....
ReplyDeletehah haa....Thank you sis...
Deletewell done bro. it is interest to reading....
ReplyDeleteThank you bro.....
Deletewaiting for next article bro....
ReplyDeleteThank you....hope that you read the other...
DeleteGood article but a sad story for the buwalu community
ReplyDeleteThank you...S. korea has strong sea food market due to high productivity of their sea....
DeleteGood One ayye. Waiting to read more and get to know more n more about your adventure. Keep it up. Godbless you
ReplyDeletethank you bro.....pleasure to collect more readers....god bless you too..
Deleteපට්ටයි අයිය...
ReplyDeleteකටට කෙල උනනව කියවද්දි...
Keep it up.
අපි ඉන්නව කියවන්න..
hah haa...thank you bro....දිගටම කියවන්න .........
Deleteනියමයි. අටම්පහියට දාපන්.
ReplyDeletehttps://atampahiya.blogspot.com/
Thankl you aiya....
Deletegood
ReplyDeleteආර්ටිකල් එක කියෙව්වට සහ කොමෙන්ට්ස් වලට හැමෝටම ස්තූතියි.....තවත් එකක් ළඟදීම දාන්නම්කෝ
ReplyDeleteනියම විස්තරයක්.හැබැයි ජේද දිග වැඩි වුනාම කියවන්න පොඩ්ඩක් වෙහෙසකරයි.
ReplyDeleteබොහොම ස්තූතියි. ඊළඟ පාර කෙටි ඡේද යොදාගන්නම්.
Deleteකොරියාවට ගිහින් අවුරුදු 03 ක් විතර ගියාට පස්සේ තමයි මට අමු මලු රස දැනුනේ... එතකල් මහා අප්පිරියාවක් තිබුනේ කොහොම උනත් අන්තිම කාලේ වෙනකොට කුරු දෙකේ ඔතලා සෝස් ගාපු පන පිටින් බුවල්ලෝ කන්න හැකි උනා ඒ රස මතක් වෙනකොට දැනුත් කටට කෙල උනනවා.දිගටම ලියන්න (අගස්සිලා- කෙල්ලෝ ගැනත් ලියන්න පස්සේ)
ReplyDeleteහාහ් හා........ඔව්..ඔව්...හුරු වුණාම නම් සෝජුත් එක්ක එහෙම මරු .....අනිවා ලියන්නම්කෝ.......
Deleteස්තුතියි කියෙවුවට සහ කොමෙන්ටුවට..............
Excellent work.
ReplyDeleteExcellent work.
ReplyDeleteExcellent work.
ReplyDeleteThank you.....join continuously.....
Deleteඋබ google+ මාව ඇඩ් කලාට මම මගේ පෝස්ට් එකක් කිසිම social media එකක share කරන්නෙ නැහැ. (අටමා ගොඩක් උදව් කළා, මාතලන් වගේමත්) මෙතනට ඇවිල්ල බලන්න.
ReplyDeletehttp://tikikatha.blogspot.co.uk
හාහ් හා...හරි හරි.....ඔන්න බැලුවා......එකතුත් වුණා ........
DeleteNice pattern of writing keep it up very interesting
ReplyDeleteThank you very much for reading and comment....
Deleteපට්ට මචං............... දිගටම ලියපං......... ඇත්තටම කොරියාවට ගිය වගේ...............
ReplyDeleteබොහොම ස්තුතියි කියෙව්වට සහ කොමෙන්ටුවට.....
Deleteලස්සනයි සර්....එන්න හිතෙනවා..😍
ReplyDeleteThank you for the comment
Deleteniyamai sir.. kathawak kiyawanawa wageee kiyawana hama deyakma mawi mawi peenawaa. issarahatat liyammaa..
ReplyDeleteThank you for the comment and encouragement sajith...
DeleteSupiri ayya ❤️
ReplyDeleteThank you malli
Deleteනියමයි සර් හරිම රසවත් ලිපියක්....
ReplyDeleteThank you for the comment
DeleteUr thoughts are very live sachithra. ..felt like I was having ur experience while reading... good job.keep it up
ReplyDeleteThank you for the comment Rochelle....
DeleteHaven't found korean food so far but seems like worth trying 😊
ReplyDeleteThanks for writing aiya
Hah haa....you should try....Thank you for the comment malli...
Deletelassanai brother tawa article liyannna
ReplyDelete