Thursday, December 28, 2023

මරියා

තුවාල ලැබූ පලස්තීනුවන් - මධ්‍යම ගාසා තීරයේ ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේදී (2023, Oct). [AP/YONHAP]

 දෙවියන්ද   මිනිසුන්ද  අතර 
දරුවා සමගින් 
මෙදා  නත්තලේ 
අතරමන් වූ ගැහැණිය 
මරියා !

යුද්ධයද  සාමයද   අතර 
හදවතේ ලතෙත්බව 
මෙදා  නත්තලේ 
අහිමිවීගිය ගැහැණිය 
මරියා !

යහපතද අයහපතද අතර 
ජිවිතයේ පැහැය 
එදා නත්තලේ 
සොයාදුන් ගැහැණිය 
මරියා !

අළු දුහුවිලි කඳුළු අතරින් 
යලිත් නැගිටින
අනාගතයේ 
දිරිය ගැහැණිය 
මරියා ! 

3 comments:

  1. ඔව්, නැගී සිටින්නට දිරිය ලැබේවා යි පතමු.

    ReplyDelete
  2. සටන් විරාමයකින් හෝ මේ පෙදෙසට සාමය උදාවෙන්න කියලා තමයි අපගේත් ප්‍රාර්ථනය...ඉතා හොද නිර්මාණයක්
    - Mayya

    - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  3. දෙපැත්තම ගැන කණගාටුයි. මම ඊයේ දැක්ක හමාස් දුෂණය කරපු ගැහැනුන් ගේ කළවා හා යෝනි ප්‍රදේශ වලට ඇණ ගසා තිබූ බව.

    ReplyDelete