Thursday, November 8, 2018
ඇය...........
කාලකන්නි වනචර හැත්ත ..........
ඇගේ නෙතඟින් නොකඩවා කඳුළු වැගිරෙයි. ගොම්මන බඩගාගෙන එන මේ වෙලාවේ මඩ වෙච්ච මිදුලට තද රතුපාට අවසන් රාස්සිගේ අව් කදම්බයද කොහෙද වැටිලා. වෙච්ච දේවල් මතක් වෙද්දී මුළු ඇඟම හිරිවැටිලා යනවා. මහා හිරිකිතකින් හිත හේබාවෙලාගිහින්. අවුල් වෙච්ච කොන්ඩෙන් මූණට වැටිච්ච කෙස් ගස් දෙකතුනක් කඳුළුවලින් තෙත්වෙලා මූණටම ඇලිලා. කීදෙනෙක් එක්ක ඔට්ටු වෙන්ඩ සිද්ද වුනාද. වනචර හැත්ත. අතපය හීරිලා. පැලිච්ච තොලෙන් ගලපු ලේ දැන් කැටි ගැහිලා. කකුල් දෙක එහෙට මෙහෙට කරන්ඩවත් බෑ. ඒ තරමට වේදනාවයි. ගණන් හදන්න හැදුවත් කීදෙනෙක්ට යටවුනාද කියල නිච්චියක් නෑ. එකපාර දෙතුන්දෙනත් හිටියනේ. කොන්ද කෙලින් කරන් නැගිට ගන්න බැරි තරමට ඇඟට වාරුවක් නෑ. පපුවේ බඩේ තියෙන නියපොතුපාරවල් විටින් විට කකියනවා. හෙටවෙද්දී කොරන ගමන් ගත්ත වීඩියෝ ලෝකේ පුරාම යවයි. කොටසක් ඒවා බලලා ආයෙත් මට හිතින් කොරයි. කාලකන්නි !!! උන් ඉපදුනේ කොහොමද කියලා උන්ට මතක නෑ. අවජාතක හිවල්ලු. සුදු ඇඳන් පන්සල් ගානේ ගිහින් 2500ක මොකද්ද එකක් ගැන කියවනවා හරියට නිකං දසසිල් සමාදන් වෙලා වගේ. ඒත් අවස්ථාව හම්බ වෙනකන් ඉන්නේ ඕන බලු තුප්පහි වැඩක් කරන්න. අනුන්ගේ රෙදි ගලවලා ගලවලා උන්ටම මතක නෑ උන් දැන් ඉන්නේ රෙදි ඇඳන්ද කියලා.
Subscribe to:
Post Comments (Atom)
අමරින්ට බ්ලොග් එක අමතකවෙලාද? මේ අවුරුද්දට දැම්ම දෙවැනි පොස්ට් එක. අපි බලන් ඉන්නවා කොරියන් විස්තර බලන්න.
ReplyDeleteඅනේ නෑ අසංග අයියා ....කොහෙද ඉතිං වැඩ ගොඩවල් අස්සේ ඕකට වෙලාවක් හොයාගන්න තමා අමාරු.......බ්ලොග් කියවනවා මිසක් ලියන්ඩ කාලේ හොයාගන්න කම්මැලියි .....
Delete