![]() |
2017 දෙසැම්බර් 24 හවස ජේජු දුපතේ සොගිපෝ නගරයේ මුහුද අද්දර |
සීතල කොච්චරක් ද කිවුවොත් ඇහේ අගට එන කඳුළු ටිකත් ඉක්මනින්ම මිදෙනවා.....පැසිෆික් මුහුදේ හුළඟත් එක්ක ඒ සීතල එකතු වෙලා මූණට වදිද්දී කන් දෙකට පහලින් අමුතු වේදනාවක් දැනෙනවා.......අතේ ඇඟිලි නෑ වගේ.....හිරිවැටිලා....අහසේ තැනින් තැන කළු වළා තිබුනත් ඉර විටින් විට එහෙන් මෙහෙන් එබිකම් කරනවා.......බැහැගෙන යන හින්දද කොහෙද ඒ එළිය තැවරිලා .....වටේටම පීච් පාට වෙලා ......ඇඟිලි හිරිවැටුනත් ...සාක්කුවෙන් ෆෝන් එක අරන් පින්තූරයක් ගත්තා .....කහපාට එළියේ.......පහන්කණුව යට තිබ්බ දුඹුරුපාට ලී බංකුව .....පිටිපස්සෙන් කහපාටින් වේලිච්ච බක්වීට් පඳුරු ටිකකුත් තිබ්බා....පහන් කනුවෙම එල්ලලා තියෙන ස්පීකරෙන් සිහින් හඬින් සංගීත රාවයක් ඇහුණා .......අද දෙසැම්බර් 24 වෙනිදා නේද කියලා මට එවෙලේ මතක් වුණා ......රෑ 12 හට නත්තල් දේව මෙහෙය......පවුලේ ඔක්කොම එකතුවෙන සුන්දර දවසක්......හිතේ සතුටට බිමට ගාපු පොලිෂ් සුවඳයි....බිත්ති වල තීන්ත සුවඳත් එකතු වුනාම .....හ්ම්ම්....ඒක ඉතින් කොහොමද වචන වලින් කියන්නේ.......අලුත් ඇඳුම් වල සුවඳත් ඕකට එකතුවෙන්න ඕනේ ......හිතන කොටත් දැන් මං ඉන්නේ නෑදෑයෝ පිරිච්ච ගෙදර වගේ........එකපාරට ඇවිත් මූණේ වැදිච්ච අයිස් කැටෙකින් ආපහු ජේජූ දූපතට ආවා.....මිනිසා සමාජීය සත්වයෙකි.......යන්ඩ ඕනේ තනියෙන් හරි පල්ලි අද රෑට .......කොරියන් භාෂාව තේරුනේ නැතත්.....දෙයියන්ට වගේ අපිටත් තේරුනානම් ඕන භාසාවක්......නැත්තන් හිතපු පමාවට ඕන තැනකට යන්න ක්‍රමයක්......