සීතල
ඡායාරූපය: Korea Times (2017.12.14 - සෝල් නගරය හරහා ගලා බසින හන් ගඟ මිදී තිබූ අයුරු) |
දෙවසරක් ගෙවෙද්දී
අමතකවන තරමට
මව් රටේ උණුසුම
මිදී ඇත සිත
පෙර නොවූ ලෙස........
ගනිමි දින
විඳින්නට ඒ උණුසුම
සිතුවිලිද මිදෙන බව
හැඟුනි මොහොතකට
වෙව්ලන ඇඟිලි තුඩු
කල්මරණ විට
තබනු සටහනක්
යල් පැනගිය බ්ලොගය මත
එහෙත්.....
සිතන්නටවත් බැහැ
හන් ගඟත් මිදුණු කල
මේ සීතල දුරුත්තේ.............
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
After a long time, pls keep it up.
ReplyDeleteYep.....Thank you!
Deleteමෙහෙත් හරි හීතලයි
ReplyDeleteඒත් නෑ ඔය ගාන
මහවැලිය සුදු නෙවෙයි
කලු පාට හැමදාම
හිම තුහින නැතිවාට
මල් තුහින හැමදාම
කොරියාව නොවුණාට
අපිත් තෙමෙනව තාම
මහවැලිය මල්තුහින
Deleteඅමතකව නැත තාම
මව් රටේ සීතලත්
උණුසුමයි හිත ගාව
නොතෙමි ඉන්නා දවස්
එනතුරා ඉක්මන්ව
හිඳිමු ගොඩනැගෙන තුරු
සුපින්බර ලංකාව
Great and that i have a swell offer: What House Renovations Can You Claim On Tax split level home remodel
ReplyDelete