![]() |
තුවාල ලැබූ පලස්තීනුවන් - මධ්‍යම ගාසා තීරයේ ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේදී (2023, Oct). [AP/YONHAP] |
දෙවියන්ද මිනිසුන්ද අතර
දරුවා සමගින්
මෙදා නත්තලේ
අතරමන් වූ ගැහැණිය
මරියා !
යුද්ධයද සාමයද අතර
හදවතේ ලතෙත්බව
මෙදා නත්තලේ
අහිමිවීගිය ගැහැණිය
මරියා !
යහපතද අයහපතද අතර
ජිවිතයේ පැහැය
එදා නත්තලේ
සොයාදුන් ගැහැණිය
මරියා !
අළු දුහුවිලි කඳුළු අතරින්
යලිත් නැගිටින
අනාගතයේ
දිරිය ගැහැණිය
මරියා !